Friday, March 16, 2012

I Miss You

අහෝ............
ඇය අවිත් ගිහින්
මා නැති නිසා
ඈය නොඑන්නම් ගිහින්

Wednesday, March 7, 2012

පලක් නැත


මම හඩමි
මේ පාලු තොටුපලම තෝරා ගතිමි
තවදුරටත් මාගේ හැඩුම ඈයහට අසීමෙන්
පලක් නොවන නිසා 


මේ නිහඩ කදු

ඇත්තටම මා
මෙතෙක් කල් කවි කීවේ
මේ නිහඩ කදු වලටද

බලාපොරොත්තු

මහලු කලු බලලා
හිරුට අබිමුව මුහුණ සෝදයි
අදත් සුබ දවසක්

අත වැනුම

සුලං පාරට මේ තණ පතට
බෑ නොවැ නොසැලී හිදිනට
ඇ කියනා කවි
මා ආත්මාර්තකාමියෙකු කරාවිද

විරහ නිම්නය

ලන්තෑරුම උණ ගසෙහි එල්ලා
යහනට වන්නෙම්
මන්ද මේ කදු අතුරෙහි
තවමත් ඈය ගී කියන්නේ

සද මා හැර ගිහින්


පෙර දිනක සද
සිහිල් ගුණ බෙදමින්
මා කියනා කවි අසාගෙන සිටියා
මන්ද අද මාගේ කවි කදු විතරක් අසන්නේ

විරහ ගීය නෑ සොදුරු මට නම්

ගායකයාණෙනි නුඹ නම් කියයි මේ විරහ ගීය
සුවහසක් දනගේ කීර්ති ඝෝෂා මැද
නමුදු ඒ විරහව අත් විදින මා
විදින වේදනාව නම් ඔය ගීය මෙන් කිසිදා
සොදුරු නම් නොවේමය