මෙහි පහත දැක්වෙන්නේ තම මංගල දිනයට බොහෝ සෙයින් අඩුපාඩු අඩු මංගල සාරියක් සහ මල් කලඹක් ලබන්නට වාසනාව ලද යුවතියකගේ ඡායාරූපයකි.
අනන්‍යතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මුහුණ අපැහැදිලි කර ඇතත්. මෙම සාරිය සහ මල් කලඹ තුලින් ඔබට කරුණු කිීපයක් තේරුම් ගත හැකිය.
1. ඇසට බරක් නැති චාම් වර්ණය මෙය සමත් සමග මනාව ගැලපී ඇත.
2. සංවරතාවය ආරක්ෂා වී ඇත.
3. මල් කලඹත් ශරීර වර්ණයට සහ සාරියේ වර්ණයට මනාලෙස ගැලපේ
අඩුපාඩුවක් >> මාගේ අදහසට අනුව ආභරණ වල කැපීපෙනෙන ගතිය සාරියට සාපේක්ෂව මදිය.
Saturday, August 29, 2015
Friday, August 28, 2015
ලස්සන කෙල්ල වෙඩින් එක දවසේ මාර කැතයි
ඔබ ( මනමාලිය )කොතරම් ලස්සන වුවත් වෙඩින් එක මාර ග්‍රෑන්ඩ් ව්වත් Photographer පට්ට නම් දරාපු කෙනෙක් වුවත් වැඩක් නොවන කරුණක් තිබේ. එනම් ඇතැම් රූපලාවණ්‍ය ආයතන මගින් ඔබ කැත කර තිබීමයි. මංගල උත්සවයේදී කැපී පෙනෙන කෙනා මනමාලිය බැවින් ඉතා හොදින් කටයුතු කරන රූපලාවණ්‍ය ආයතනයක් සොයාගන්න. මේ සදහා අධික මුදල් වැය කළ යුතු ආයතනයක්ම තොරාගත යුතුයැයි අදහස් කරන්නේ නැත.
මනමාලිගේ රහස් තැන් මනමාලයා දැක්කහම ඇති.
දැන් දැන් මනමාලියගේ මංගල ඇදුම නිර්මාණයේදී මනමාලිය සෙක්සි Sexy කිරීමේ මෝඩ න්‍යාය කරලියට පැමිණ ඇත. මෙහිදි සදහන් කර යුතු වන්නේ මංගල උත්සව වලදී තරුණයන් - බීමතින් සිටින අය මනමාලයාට කලින් මනසින් මනමාලිය හා සියල්ල සිදුකරගෙන හමාර තත්වයකට පත් වීමය.
තම මංගල උත්සවයේදී පෝරුවේ පල්ලියේ භාවිතා කරන මංගල ඇදුම ලස්සන කරගන්න සංවර කරගන්න.
තම මංගල උත්සවයේදී පෝරුවේ පල්ලියේ භාවිතා කරන මංගල ඇදුම ලස්සන කරගන්න සංවර කරගන්න.
මංගල ඇල්බමය ඔබේ දරුවන්ට තහනම්ද?
ඔබගේ මංගල ඡායාරූප ඇල්බමය ( Wedding Album ) පවුලේ සැමට නැරඹිය හැකි එකක් කරගන්න. ඔබ මොනවා කීවත් ශ්‍රීලාංකීය සංස්කෘතිය තුල තෙත දුහුල් සලුවක් හැද ජලයෙන් උඩට විත් හිස අනුරාගී දසුන් මවන තමන්ගේ අම්මා දකින්නට දරුවන් කැමති නැත. අම්මාගේ අඩ නිරුවත් දසුන් දකින්නට කැමති නැත. දැන් දැන් උඩරට ඇදුමද අඩක් නිරුවත් වේගෙන යන බවක් පෙනේ.
මෙහිදී අප කියනුයේ ඔබ ආදරණීය ඉරියව් වලින් තොරව ඉන්න කියා නම් නොවේ. ඔබගේ චායාරූප ශීල්පියා පමණට වඩා මෝඩ ලෙස කටයුතු කරන්නේ නම් ඔහුට කරුණු පහදා දී සුන්දර ආදරණීය ඉරියව් වෙනුවෙන් පමණක් පෙනී සිටින්න. නැතිනම් ඇල්බමය පස්සේ වෙනස් කරන්න කරදර විය හැක.

පන්සලේ වෙඩින්
බොහෝ මංගල උත්සව අද කාලයෙහි විහාරස්ථාන මුල් කරගෙන සිදුවේ.
ඇතැම් විහාරස්ථාන බුදු වදනින් පවා බහැරව යමින් ඒ සදහා සැදී පැහැදී ගාස්තුවක් අයකරමින් කටයුතු කරයි. සිදුවිය යුත්තේ මංගල යුවලට තුණුරුවනේ ආශීර්වාදය ලබා ගැනීම වුවත් සිදුවන්නේ විහාරස්ථානයේ දසුන් පසුබිම කරගැනීමයි. මෙහිදී බුදු පිළිම වලට පිටුපා ජායාරූප ගැනීම අතිශයින්ම නුසුදුසු දෙයකි. බුදු පිළිමය චෛත්‍යය බෝධින් වහන්සේ හා ගරු කටයුතු ස්මාරක චිත්‍ර තමන්ගේ ආලිංගන දර්ශන වලට පසුබිම කරගැනීම පාපකර්මයකි. තවද ඡායාරූප ශිල්පීයාගේ හා තමන්ගේ අනුවණ කම ප්‍රදර්ශනය කරන දෙයක් වන්නේය.

Subscribe to:
Posts (Atom)