Friday, August 28, 2015

පන්සලේ වෙඩින්

බොහෝ මංගල උත්සව අද කාලයෙහි විහාරස්ථාන මුල් කරගෙන සිදුවේ.
ඇතැම් විහාරස්ථාන බුදු වදනින් පවා බහැරව යමින්  ඒ සදහා සැදී පැහැදී  ගාස්තුවක් අයකරමින් කටයුතු කරයි. සිදුවිය යුත්තේ මංගල යුවලට තුණුරුවනේ ආශීර්වාදය ලබා ගැනීම වුවත් සිදුවන්නේ විහාරස්ථානයේ දසුන් පසුබිම කරගැනීමයි. මෙහිදී බුදු පිළිම වලට පිටුපා ජායාරූප ගැනීම අතිශයින්ම නුසුදුසු දෙයකි. බුදු පිළිමය චෛත්‍යය බෝධින් වහන්සේ හා ගරු කටයුතු ස්මාරක චිත්‍ර තමන්ගේ ආලිංගන දර්ශන වලට පසුබිම කරගැනීම පාපකර්මයකි. තවද ඡායාරූප ශිල්පීයාගේ හා තමන්ගේ අනුවණ කම ප්‍රදර්ශනය කරන දෙයක් වන්නේය.